spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වයස අවුරුදු 75 ක පස් දරු මවක් විදුලි සැර වැදී මරුට

ඌව පරණගම වැලිඋල්ල , කිරිඔරුව ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

ඊයේ (24) උදෑසන 6 ට පමණ මෙම කාන්තාව ඇයට අයත් තේ වත්තක දළු නෙළීම සඳහා නිවසින් පිටව ගොස් තිබෙන අතර ඊයේ සවස් වන විටත් අදාළ කාන්තාව නිවසට නොපැමිණි නිසා නිවැසියන් සිය මව සොයා ගොස් ඇති අතර, සතුන් මැරීම සඳහා අටවන ලද විදුලි රැහැනක පැටලී සිට අදාළ කාන්තාව සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඌවපරණගම පොලිසිය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව,කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරීමේ අරමුණින් විදුලි රැහැනක් අටවා ඇති අතර එයට පැටලි අදාළ කාන්තාව මිය යන්නට ඇතැයි සැක කෙරෙන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීරයේ වැඩිදුර පරීක්ෂණ සඳහා ඌව පරණගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?