වයස්ගතම ගගනගාමියා උපන්දිනය දා පෘථිවියට

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනයේ සේවය කරන වයස්ගතම ගගනගාමියා සිය 70 වැනි ජන්ම දිනය දා යළිත් පෘථිවියට පැමිණ තිබෙනවා.

බීබීසී මාධ්‍ය උපුටනයන් වාර්තා කරන පරිදි නමින් ඩෑන් පෙට්ටි නමින් හඳුන්වන මොහු රුසියානු කාර්‍යය මණ්ඩලයේ සගයන් වන ඇලෙක්සි ඔව්චිනින් සහ අයිවන් වැග්නර් සමගින් සෝයුස් එම්.එස් -26 අභ්‍යවකාශ කැප්සියුලයෙන් අද (20) අලුයම 06.20ට කසකස්ථානයට පැරෂූට් ආධාරයෙන් පැමිණ ඇති බවයි.

ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) දින 220ක් ගත කර තිබෙනවා.

පෘථිවිය වටා 3,520 වතාවක් මොහු කක්ෂගත වී ඇති බවත් වාර්තාවනවා.

පෙට්ටි අභ්‍යවකාශයේ දින 590ක් ගෙවා දමා ඇති අතර ඔහුගේ සිව්වැනි මෙහෙයුම මෙයයි.

තවමත්, ඔහු කක්ෂයේ පියාසර කළ වයස්ගතම පුද්ගලයා නොවන බවත් වාර්තාවනවා.

එම වාර්තාව 1998 දී නාසා මෙහෙයුමකට පියාසර කළ වයස අවුරුදු 77 ක් වූ ජෝන් ග්ලෙන්ට හිමිවන අතර ඔහු 2016 දී ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?