වයස්ගතම ගගනගාමියා උපන්දිනය දා පෘථිවියට

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනයේ සේවය කරන වයස්ගතම ගගනගාමියා සිය 70 වැනි ජන්ම දිනය දා යළිත් පෘථිවියට පැමිණ තිබෙනවා.

බීබීසී මාධ්‍ය උපුටනයන් වාර්තා කරන පරිදි නමින් ඩෑන් පෙට්ටි නමින් හඳුන්වන මොහු රුසියානු කාර්‍යය මණ්ඩලයේ සගයන් වන ඇලෙක්සි ඔව්චිනින් සහ අයිවන් වැග්නර් සමගින් සෝයුස් එම්.එස් -26 අභ්‍යවකාශ කැප්සියුලයෙන් අද (20) අලුයම 06.20ට කසකස්ථානයට පැරෂූට් ආධාරයෙන් පැමිණ ඇති බවයි.

ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) දින 220ක් ගත කර තිබෙනවා.

පෘථිවිය වටා 3,520 වතාවක් මොහු කක්ෂගත වී ඇති බවත් වාර්තාවනවා.

පෙට්ටි අභ්‍යවකාශයේ දින 590ක් ගෙවා දමා ඇති අතර ඔහුගේ සිව්වැනි මෙහෙයුම මෙයයි.

තවමත්, ඔහු කක්ෂයේ පියාසර කළ වයස්ගතම පුද්ගලයා නොවන බවත් වාර්තාවනවා.

එම වාර්තාව 1998 දී නාසා මෙහෙයුමකට පියාසර කළ වයස අවුරුදු 77 ක් වූ ජෝන් ග්ලෙන්ට හිමිවන අතර ඔහු 2016 දී ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48