වඳුරු උණ ගැන ඔබ නොදත් කතාව….

මේ දිනවල බොහෝ කතාබහට ලක් ව ඇති “වඳුරු උණ” බෝවන රෝගයකි. මෙම රෝගය ආසාදිත වූවන් නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල්වන කොංගෝ, කැමරූන්, ගැබෝන්ලයිබීරියා, නයිජීරියා, සියරාලියොන් වැනි රටවලින් වාර්තා වේ. අප්‍රිකාවෙන් පිටත වඳුරු උණ රෝගීන් වාර්තා වී ඇත්තේ බොහෝ විට අප්‍රිකානු රටවලට සංචාරය කරන ලද පුද්ගලයන්ගෙනි.

.මෑතකදී නයිජීරියාවට ගොස් ආ එංගලන්ත වැසියෙකුට වෛරසය වැළඳී ඇති බව හඳුනා ගැනීමෙන් පසු එක්සත් රාජධානියේ දෙවන වඳුරු උණ රෝගියා වාර්තා විය. ලෝකයම අලුත් වටයකින් වඳුරු උණ ගැන කතා කරන්නට ගත්තේ ඉන් පසුවය.
කොවිඩ් වෛරසයෙන් ඕනෑවටත් වඩා බැට කෑ මිනිස්සුය. ගිනි පෙණෙල්ලෙන් බැට කෑ ඇත්තන් කණාමැදිරි එළියටත් බය ය. වඳුරු උණ ලංකාවටත් එයිද?.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර සමග කළ කතා බහ පෙළ ගැසෙන්නේ මෙසේ ය.

  • වඳුරු උණ බෝවන රෝගයක් ද……?

“ ඔව්. වඳුරු උණ වෛරසය මගින් ඇති කරන වඳුරු උණ රෝගය සතුන් මගින් මිනිසුන් වෙත  ඇති කරනු ලබන බෝවන වෛරස රෝගයක්. එය සතෙකුගෙන් මිනිසෙකුටත්, මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුටත් බෝවීමේ හැකියාව තිබෙනවා. මෙම රෝගය අලුතින් හමුවූ රෝගයක් නෙවෙයි. නමුත් මෙය ආවේණික කලාපවලින් බැහැර වෙනත් ප්‍රදේශවලින් හමුවීම නිසා මේ පිළිබඳ අලුතෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා.” 

  • මෙම රෝගය ‘වඳුරු උණ’ යනුවෙන් හඳුන්වන්නේ ඇයි…….? 

“මෙම රෝගය වඳුරන්ගෙන් බෝවන රෝගයක් නෙවෙයි. නමුත් එය පළමුව වඳුරකුගෙන් හමුවීම නැතහොත් හඳුනා ගැනීම නිසා එයට වඳුරු උණ කියා කියනවා.”

  • වඳුරු උණ රෝගය සතුන්ගෙන් මිනිසුන්ට බෝ වීම සිදුවිය හැක්කේ කෙසේ ද…?

“වඳුරු උණ වෛරසය සතෙකුගෙන් මිනිසකුට බෝවිය හැක්කේ බොහෝ විට ආසාදිත සතෙකු සිදු කරන සපා කෑමක් හෝ සිරීමකිනුයි. ඒ වගේ ම දඩයම් කරන ලද ආසාදිත සතුන් ස්පර්ශ කිරීමෙනුත් මෙම රෝගය කෙනෙකුට බෝවීම විය හැකි යි.”

  • වඳුරු උණ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට  පැතිරෙන්නේ කෙසේද…?

“වඳුරු උණ ආසාදිත පුද්ගලයෙකුගෙන් රෝග ලක්ෂණ පවතින කාලය ඇතුළත වෙනත් පුද්ගලයෙකුට රෝගය බෝ වීමේ හැකියාව තිබෙනවා. (සාමාන්‍යයෙන් සති 2ක් 4ක්  කාලය ඇතුළත) ආසාදිත පුද්ගලයෙක් සමග සිදු කරන සමීප ඇසුරක් මගින් රෝගය බෝවිය හැකියි. විශේෂයෙන් දක්වනවා නම් සිප වැළඳ ගැනීම්වලදී, ලිංගික ක්‍රියාකාරකම්වලදී, ආසාදිත පුද්ගලයාගේ සමේ ඇති තුවාල අනෙක් පුද්ගලයාට ස්පර්ශ වීමේදී වඳුරු උණ රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවිය හැකි යි.

ආසාදිත පුද්ගලයෙකුගේ ශරීරයේ බිබිලි ශරීර තරල සහ තුවාල කබොලු මගින් රෝගය වෙනත් පුද්ගලයෙකුට පැතිරීම සිදුවිය හැකියි. එමෙන් ම රෝගී පුද්ගලයා භාවිත කළ ඇඳුම් ඇඳ ඇතිරිලි තුවා සහ පිඟන් කෝප්ප වැනි දේ මගින් ද තවත් කෙනකුට රෝගය බෝ විය හැකියි. ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයේ තුවාල තිබීමෙන් එම රෝගියා ආහාරයට ගනිමින් සිටි යමක් වෙනත් කෙනෙක් ආහාරයට ගැනීම මගිනුත් රෝගය බෝ විය හැකියි. එයින් අදහස් කරන්නේ රෝගියෙකුගේ කෙළ මගින් රෝගය බෝ වන බවයි. 

ආසාදිත පුද්ගලයෙකු සමග බොහෝ වේලා මුහුණට මුහුණ ළං ව සිටීමේ දී ආශ්වාස තරල මගින් රෝගය බෝවීම සිදු වෙනවා. ආසාදිත පුද්ගලයෙක් සමග සමීප ව සම්බන්ධ වන පුද්ගලයින් වන පවුලේ උදවිය, සෞඛ්‍ය සේවකයින් සහ ලිංගික සහකරුවන්, සහකාරියන් රෝගය බෝවීමට වැඩි අවදානමකට ලක්වන පිරිසයි.”

  • වඳුරු උණ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද

“බහුලව ම දක්නට ලැබෙන රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, මස්පිඩු වේදනාව, කොන්දේ කැක්කුම, ශරීරයේ අප්‍රාණික ගතිය, වසා ගැටිති ඉදිමීම සහ සම මතුපිට බිබිලි ඇති වීමයි. උණ ඇතිවී දවස් එකත් තුනත් ඇතුළත රෝගියාගේ සම මත බිබිලි දක්නට ලැබෙනවා. එම බිබිලි පළමුව මුහුණේ ඇතිවී පසුව ශරීරයේ අනෙක් තැන්වලට පැතිරී යනවා. මෙම බිබිලි බොහෝ විට පළමුව වතුර බිබිලි ලෙස දක්නට ලැබෙනවා. පසුව සැරව බිබිලි බවට පත් වෙනවා. අනතුරු ව වියලී කබොල්ලක් බවට හැරී සිරුරෙන් හැලී යනවා.

 යම් රෝගියෙකුට ඇති වන බිබිලි ප්‍රමාණය බිබිලි කිහිපයක සිට දහස් ගණනක් දක්වා වෙනස් විය හැකියි. මුහුණ, යටි පතුල්, මුඛය සහ ලිංගාශ්‍රිත ප්‍රදේශවල පවා මෙම බිබිලි ඇතිවිය හැකි යි. මෙම රෝග ලක්ෂණ සති දෙකක් හතරක් පමණ කාලයක් පැවතී ඉබේ ම පහ වී යනවා.”බොහෝ ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ සති කිහිපයක් තුළ ඉබේ ම පහව යන නමුත් කලාතුරකින් යම් පුද්ගලයන්ට සංකූලතා සහ මරණය පවා ඇති විය හැකියි.”

  • වඳුරු උණ රෝග ලක්ෂණ තිබේ නම් කළයුතු වන්නේ කුමක් ද…?

“වහා ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි. හැකියාවක් තිබේ නම් ස්වයං නිරෝධායනය වී අන් අය සමඟ ආශ්‍රයෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. ඉහත සඳහන් කළ පරිදි නිතිපතා දෑත් පිරිසිදු කිරීම සහ අනෙකුත් ආරක්ෂක පියවර ගැනීම මගින් අන් අයට බෝ වීම වළක්වා ගත හැකියි. වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර රෝගය වැළඳී ඇතැයි තහවුරු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය යි.”

  • වඳුරු උණ සඳහාප්‍රතිකාරයක් තිබේද…?

“වඳුරු උණ බොහෝ අවස්ථාවල ප්‍රතිකාරයක් නොමැතිව ඉබේ ම සුව අතට පත්වෙනවා. රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීම සුදුසු වෙනවා. ශරීරයේ ඇති වන බිබිලි වියලී යාමට ඉඩහැරීම ඉතා වැදගත්. 

එමෙන් ම මුඛයේ සහ ඇස්වල ඇතිවන තුවාල අතගෑමෙන් වැළකිය යුතුයි. කෝටිසෝන් අඩංගු නොවන මුඛය සෝදන දියර සහ ඇස්වලට යොදන බිංදු මගින් යම් සහනයක් ලබාගත හැකියි. එසේ ම වසූරිය සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිත වන Virus නාශක ප්‍රතිකාරයක් 2022 ජනවාරි මස සිට වඳුරු උණ සඳහා භාවිතයට අනුමත වී තිබෙනවා.”

image 3

image 4



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22