spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විභාග ප්‍රතිඵල නිකුත් වී පැය 48යි – තෙලන්ගානා සිසු සිසුවියන් 07ක් දිවි නසාගෙන

විභාග අසමත්වීම හේතුවෙන් පසුගිය පැය 48ක කාලය තුළ තෙලංගානා ප්‍රාන්තයේ සිසුන් 07 දෙනෙකු සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 24 වනදා තෙලන්ගානා අතරමැදි විභාග මණ්ඩලය පළමු වසර සහ දෙවන වසර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එලෙස විභාග ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුවයි මෙම සිසුන්ගේ සියදිවි නසාගැනීම් වාර්තා වී ඇත්තේ.

තෙලංගානා ප්‍රාන්තයේ මහබුබබාද් පොලිස් අධිකාරීවරයාට සඳහන් කළේ විභාගයෙන් අසමත් වීමෙන් පසු ගැහැණු ළමයින් දෙදෙනෙකු සියදිවි නසාගෙන මිය ගිය බවට තොරතුරු වාර්තා වූ බවයි.

ඊට අමතරව පළමු වසරේ තවත් සිසුවෙකු විභාග අසමත් වීමෙන් සිය ජීවිතය අවසන් කර ගත් බව නියෝජ්‍ය පොලිස් කොමසාරිස් (නැගෙනහිර කලාපය) ආර් ගිරිධර් සඳහන් කළා.

නල්ලකුන්ටා ප්‍රදේශයේ ද තවත් පිරිමි ළමයෙක් දුම්රිය මාර්ගයක් අසල මියගොස් සිටියදී සොයා ගෙන ඇති අතර, ඔහුගේ මරණයට හේතුව විභාග ප්‍රතිඵල දුර්වලතා බවටයි පොලිසිය සැක කරන්නේ.

එනෙම් ම මැන්චේරියල් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ විභාග අසමත්වීම හේතුවෙන් විවිධ ස්ථානවල සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරෙන පළමු වසරේ සිසුන් තිදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?