විභාග ප්‍රතිඵල නිකුත් වී පැය 48යි – තෙලන්ගානා සිසු සිසුවියන් 07ක් දිවි නසාගෙන

විභාග අසමත්වීම හේතුවෙන් පසුගිය පැය 48ක කාලය තුළ තෙලංගානා ප්‍රාන්තයේ සිසුන් 07 දෙනෙකු සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 24 වනදා තෙලන්ගානා අතරමැදි විභාග මණ්ඩලය පළමු වසර සහ දෙවන වසර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එලෙස විභාග ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුවයි මෙම සිසුන්ගේ සියදිවි නසාගැනීම් වාර්තා වී ඇත්තේ.

තෙලංගානා ප්‍රාන්තයේ මහබුබබාද් පොලිස් අධිකාරීවරයාට සඳහන් කළේ විභාගයෙන් අසමත් වීමෙන් පසු ගැහැණු ළමයින් දෙදෙනෙකු සියදිවි නසාගෙන මිය ගිය බවට තොරතුරු වාර්තා වූ බවයි.

ඊට අමතරව පළමු වසරේ තවත් සිසුවෙකු විභාග අසමත් වීමෙන් සිය ජීවිතය අවසන් කර ගත් බව නියෝජ්‍ය පොලිස් කොමසාරිස් (නැගෙනහිර කලාපය) ආර් ගිරිධර් සඳහන් කළා.

නල්ලකුන්ටා ප්‍රදේශයේ ද තවත් පිරිමි ළමයෙක් දුම්රිය මාර්ගයක් අසල මියගොස් සිටියදී සොයා ගෙන ඇති අතර, ඔහුගේ මරණයට හේතුව විභාග ප්‍රතිඵල දුර්වලතා බවටයි පොලිසිය සැක කරන්නේ.

එනෙම් ම මැන්චේරියල් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ විභාග අසමත්වීම හේතුවෙන් විවිධ ස්ථානවල සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරෙන පළමු වසරේ සිසුන් තිදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33
Video thumbnail
මොරටුව සලිත කරමින් ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති - හැමෝටම උපදෙස් දෙයි
03:35
Video thumbnail
සොයිසාපුර ගින්න ගැන නි. ඇමති එරංග හෙළිකල දේ - මිනිස්සු ජීවත්වෙනවා කියලා හිතන්නේ නැතුව හදපු නිවාස
07:42
Video thumbnail
අනෝජන් ගැන ප්‍රශ්න කරද්දි ඇමතිතුමා සෘජු පිළිතුරු දෙන්න අකමැති වුණා
07:01
Video thumbnail
සජබ විරෝධතාවට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - ආතල් දාන්න නෙවෙයි පාර්ලිමේන්තුවට එන්නේ..ඇයි මෙච්චර බය ?
10:57
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.24
09:18:51
Video thumbnail
අනේ මට මැ#න්න බෑ..ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට - උඹ ආවනම් ගුටි කාගෙන හිටපන් කියනවා ඒජන්සිය බැන්නා
06:10
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27