spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැයි 10 වනදායින් පසු කාලගුණයේ වෙනසක්

එළෙඹෙන මැයි මස 10 වනදායින් පසු දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර මේ වනවිට පවතින අධික උෂ්ණත්වයක පෙර වසර හා සැසදීමේ දී මෙම වසරේ දී ඉහළ අගයක් ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය ඉදිරි සති දෙකක තුනක කාලය තුළ අඩු වැඩි වශයෙන් පැවතිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි අංශය) අජිත් විජයමාන්න සඳහන් කළා.

එලෙස පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය ඉදිරියේ දී ආරම්භ වන නිරිත දිග මෝසම් තත්ත්වයත් සමඟ අඩුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?