වඳුරඹ ඕඅයිසීට වෙඩි තැබීමට ගිය කොස්තාපල්ට වෙච්ච දේ

වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීමට උත්සාහ කළ කොස්තාපල්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි උඩුගම පොලිසියට මාරු කළ බවත් ඔහු පරීක්ෂා කරන ලද මානසික වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා.

වඳුරඹ පොලිස් ස්ථානයේ ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා භූමිය සුද්ධ කිරීමේදී එහි ඇති ගස් කපා ඉවත් කිරීමට උසස් පොලිස් නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ඉල්ලා ඇති අතර එම අනුමැතිය ලැබීමට පෙර ප්‍රාදේශීය ලේකම් රාජ්‍ය දැව සංස්ථාවට කරන ලද දැනුම්දීමක් අනුව ඉකුත් 11වනදින දැව සංස්ථාවේ නිලධාරීන් පැමිණ සිද්ධියට අදාළ කොස්තාපල්වරයා හමුවී ගස් කිහිපයක් කපා ඇත.

ඒ වනවිට ස්ථානාධිපතිවරයා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සඳහා ගොස් තිබිණි.

මේ අතර දැව සංස්ථාව නියමිත ගස්වලට අමතරව තවත් ගස් කිහිපයක්ද කපා දැමීම නිසා ස්ථානාධිපතිවරයා පැමිණි ඒ පිළිබඳ කොස්තාපල්වරයාගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ තමා කිසිවක් නොදන්නා බවය.

පසුව කෝපයට පත් කොස්තාපල්වරයා ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීම සඳහා ආයුධ පෙට්ටිය අසලට පැමිණ තුවක්කුවක් ඉල්ලා සිටි අවස්ථාවේ අනෙක් නිලධාරින් විසින් එය වළක්වා ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?