වඳුරඹ ඕඅයිසීට වෙඩි තැබීමට ගිය කොස්තාපල්ට වෙච්ච දේ

වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීමට උත්සාහ කළ කොස්තාපල්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි උඩුගම පොලිසියට මාරු කළ බවත් ඔහු පරීක්ෂා කරන ලද මානසික වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා.

වඳුරඹ පොලිස් ස්ථානයේ ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා භූමිය සුද්ධ කිරීමේදී එහි ඇති ගස් කපා ඉවත් කිරීමට උසස් පොලිස් නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ඉල්ලා ඇති අතර එම අනුමැතිය ලැබීමට පෙර ප්‍රාදේශීය ලේකම් රාජ්‍ය දැව සංස්ථාවට කරන ලද දැනුම්දීමක් අනුව ඉකුත් 11වනදින දැව සංස්ථාවේ නිලධාරීන් පැමිණ සිද්ධියට අදාළ කොස්තාපල්වරයා හමුවී ගස් කිහිපයක් කපා ඇත.

ඒ වනවිට ස්ථානාධිපතිවරයා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සඳහා ගොස් තිබිණි.

මේ අතර දැව සංස්ථාව නියමිත ගස්වලට අමතරව තවත් ගස් කිහිපයක්ද කපා දැමීම නිසා ස්ථානාධිපතිවරයා පැමිණි ඒ පිළිබඳ කොස්තාපල්වරයාගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ තමා කිසිවක් නොදන්නා බවය.

පසුව කෝපයට පත් කොස්තාපල්වරයා ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීම සඳහා ආයුධ පෙට්ටිය අසලට පැමිණ තුවක්කුවක් ඉල්ලා සිටි අවස්ථාවේ අනෙක් නිලධාරින් විසින් එය වළක්වා ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54