AFC Banner
AFC Banner
Empty Ad

වඳුරන්, රිළවුන් එළවන්න උපකරණයක්

ඩුබායි රටේ විදුලි ඉංජිනේරැවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු රිලවුන්ගෙන් හා වදුරන් සිදුවන හානිය වළක්වා ගැනිම සදහා නව උපකරණයක් නිෂ්පාදනය කොට තිබෙනවා.

මෙම නව උපකරණය ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්තද සිල්වා නිෂ්පාදනය කර ඇති අතර මෙම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය මේ වනවිට එහි සාර්ථකත්වය පිළිබඳව පරිකෂා කිරිමේ කටයුතු නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරනු ලබයි.

නව උපකරණය පිළිබඳව අදහස් දැක්වු ඉංජිනේරු මනතුංග,

” රිලවුන් වඳුරන් පලවාහරින උපකරණය නිෂ්පාදනය කළේ ලුණු විල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මතයි.මම මීට පෙර වන අලි පලවා හරින උපකරණයක් නිෂ්පාදනය කළා.එය දැකලා වෙන්න ඇති රිලවුන් වඳුරන් පලවාහරින උපකරණයක් නිෂ්පාදනය කරන්න ඉල්ලීමක් කරන්න ඇත්තේ .ලංකාවේ පොල් වගාවෙන් 30% වැඩි ප්‍රමාණයක් රිලවුන් වඳුරන් විසින් විනාශ කරනවා .ඒනිසා ඔවුන් පලවාහරින උපකරණයක් නිෂ්පාදනය කරන්න කියා ඉල්ලීමක් කළා.ඒ අනුව ඒ සදහා වන පර්යේෂණ සිදු කර උපකරණයක් නිෂ්පාදනය කරනු ලැබුවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?