AFC Banner
Empty Ad
Empty Ad

වන විනාශය නවතන්න STF සහය

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ, සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවයි.

විවිධ පිරිස් විසින් සිදු කරන වන විනාශයන් අවම කිරීමට යුද හමුදාවේ සහාය ලබා ගන්නා බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. වන විනාශයන් අවම කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි සියලු අංශ වෙත දැනුම් දී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්⁣ඨ ප්‍රකාශකයෙකු නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?