වන අලි පහරදීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට – ප්‍රදේශවාසීන් පාර වසා විරෝධතාවක

අනුරාධපුර ශ්‍රාවස්තිපුර වදාකඩ ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වදාකඩ ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

වන අලි පහර දීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ප්‍රකෝප වූ ගම්වාසීන් පිරිසක් වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා අද දහවල් ශ්‍රාවස්තිපුර පහේ ඇල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය වසා දමමින් උද්ඝෝෂණයක ද නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත් මෙම තරුණයා ඊයේ  පස්වරුවේ සිය කුඹුරට ජලය හැරවීම සඳහා වදාකඩ වැව ආසන්නයෙන් මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය අසල සැඟව සිටි වන අලියෙකු මෙම පහර දීම සිදු කර තිබෙනවා. 

එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු සමග ගමන් ගත් අනෙක් තරුණයා ද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ශ්‍රාවස්තිපුර, වදාකඩ, ගල්වඩුවාගම, රඹාවැව, කිඹුලාකඩ යන ගම්මානවල පවුල් දහසකට ආසන්න පිරිසක් ජීවත් වන අතර එම පිරිස් වන අලි තර්ජන හේතුවෙන් මේ වනවිට දැඩි භීතියකින් පසුවන බව උද්ඝෝෂකයින් ප්‍රකාශ කළා.

වන අලි ගැටලුව සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට පොලිසිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විරෝධතාව අවසන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?