වන අලි ජීවිත දෙකක් බිලි ගනී

වන අලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

හඳුන්ගමුව හිඹිලියාකඩ සහ මහඔය බොරපොල යන ප්‍රදේශවලදීයි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

හිඹිලියාකඩ ප්‍රදේශයේදී මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (16) සවස පොලිසියට හදිසි ඇමතුම් අංශය ඔස්සේ ලැබුණු තොරතුරකට අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ.

මෙම පුද්ගලයා පසුගිය සිකුරාදා (15) අසල නිවසකට යන බවට නිවැසියන්ට පවසා ගොස් ඇති අතර ඊයේ උදෑසන වන තෙක් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන් සමග කළ සොයා බැලීමේදීයි මඩුගහවෙල ඇල අසල කැලෑබද ප්‍රදේශයක තිබී වන අලියා පහරදීමෙන් මියගිය සිරුර හමුවී ඇත්තේ.

ඔහු හඳුන්ගමුව හිඹිලියාකඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මෘත ශරීරය මහියංගණය රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර ඊයේ රාත්‍රී මහඔය බොරපොල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් 82 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු යකින්නිගල කන්ද පාමුල රක්ෂිතයේ ගල් සියඹලා කැඩීමට ගොස් යළි පැමිණෙමින් සිටියදී වන අලියෙකු පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මහඔය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46