වනිඳු සහ මහීෂ් මුල් තිදෙනා අතරට

අයි.සී.සී. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නන් දෙදෙනාවන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ඉහළට පැමිණ තිබෙනවා.

ඒ අනුව මහීෂ් තීක්ෂණ පියවරක් ඉදිරියට පැමිණ එහි දෙවන ස්ථානයයේ මේ වනවිට රැඳී සිටින අතර, වනිඳු හසරංග පසුවන්නේ තුන්වන ස්ථානයේ යි.

මෙහිදී මහීෂ් තීක්ෂණ ප්‍රසාද ලකුණු 679ක් ලබා සිටින අතර, වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 676ක් ලබා සිටිනවා.

ප්‍රසාද ලකුණු 726ක් ලබාගනිමින් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ප්‍රථම ස්ථානය තහවුරු කරගැනීමට එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ්ට හැකියාව ලැබී තිබෙනවා.

01 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
6
+1
3
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?