AFC Banner
Empty Ad
Empty Ad

වනිඳු ව පහළට ඇද දමමින් Marcus Stoinis තුන් ඉරියව්වෙන් ම මුදුනා වෙයි

ජාත්‍යන්තර පන්දු වාර 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රමුඛයා බවට පත් වීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Marcus Stoinis සමත් ව තිබෙනවා.

ජුනි මස 18 වැනි දිනට සිදු කරන ලද නවතම යාවත්කාලීන දත්ත අනුවයි ස්ටොයිනිස් හට මෙම ස්ථානය හිමි ව ඇත්තේ.

මෙතෙක් එම ලැයිස්තුවේ මුදුනා ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවාර 20 ක්‍රිකට් නායක වනිඳු හසංරගට සිය ස්ථානය අහිමි ව තිබෙනවා.

ඒ ඔහු ව ස්ථානයක් පහළට ඇද දමමින්.

ඒ අනුව මාර්කස් ස්ටොයිනිස් ශ්‍රේණිගත කිරීම් ලකුණු 231ක් හිමි කරගෙන තිබෙනවා.

වනිඳුට හිමි ව ඇත්තේ 222ක් පමණයි.

තෙවැනි ස්ථානය බංග්ලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට හිමි ව ඇති අතර සිව්වැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබීටත්, පස්වැනි තැන සිම්බාබ්වේ සිකන්දර් රාසාටත් හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?