වනිදුගේ තීරණයට දකුණු අප්‍රිකානු පන්දු බලඇණියෙන් ප්‍රබල උත්තරයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය මේ වන විට නිව්යෝක් හි නසාවූ ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක වනිදු හසරංග දෙවරක් නොසිතාම පළමුව ලකුණු රැස් කිරීමට තීරණය කළා.

එම තීරණයට නිසි උත්තරයක් සපයන්නට දකුණු අප්‍රිකානු ප්‍රබල පන්දු යැවීමේ බලඇණිය කටයුතු කළා.

ඒ,අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19 යි පන්දු 01ක් තුළ සියල්ලන් දැවී ලකුණු 77කට සීමා වුණා.

මෙහිදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය කැපී පෙනුනා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාර 10 තුළ ලකුණු පුවරුව කියවී තිබුණේ කඩුලු 05ක් දැවී ලකුණු 40ක් ලෙසටයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත් වුණේ පන්දු 30ක් තුළ ලකුණු 19ක් රැස්කරමින්.

පන්දු යැවීමේ දී කේෂව් මහරාජ් සහ කාගීසෝ රබාඩා කඩුලු 02ක් බිද දැමූ අතර, ඇන්රිච් නොර්ට්ජේ පන්දු වාර 04 අවසන් කළේ ලකුණු 07කට කඩුලු 04ක් බිද දමමින්

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට දකුණු අප්‍රිකානු පිළට ලකුණු 78ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
8
+1
1
+1
4
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !