වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ 17 දින රාත්‍රියේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියේ නිළධාරියකු පැවසිය.
කරතිව් මුස්ලිම් ප්‍රාථමික පාසලේ 17 දින සවස අලි සබ්රි මහතාගේ ආධාරකරුවන් විසින් කුඩා රැස්විමක් සමග රාමසාන් උපවාස උත්සවයක් සංවිධානය කර තිබු බවත් එයට සහභාගි වී සිටියදි කඩා වැදුන ගම්වාසින් විසින් මෙසේ මන්ත්‍රිවරයාට විරෝධය මතු කර ඇති බවත් පොලිසිය කියයි.
ජනතාව මෙසේ විරෝධය මතුකර ඇත්තේ අද (18) දින රජයේ නියෝජ්‍ය ඇමති ධුරයක් මන්ත්‍රි අලි සබ්රි මහතා ලබා ගැනිමට සුදානමක් පවතින බවට ලැබුන තොරතුරකට බව කියයි.
ඒ සමගම මන්ත්‍රිවරයා රජයෙන් ඉවත්විය යුතු බවටද ජනතාව විසින් සිය විරෝධය මතු කරන්නට විය.




