AFC Banner
Empty Ad
Empty Ad

වන්දනාවේ එන බැතිමතුන්ගේ දිවි රැකගන්න පොලිසියෙන් වැඩපිළිවෙළක්

පොසොන් සමයට වන්දනා ගමන් යන බැතිමතුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට දඹුල්ල පොලිසිය කටයුතු යොදා තිබෙනවා.

ඒ මෙලෙස පැමිණෙන බැතිමතුන් විවිධ ගංගා, ඇළඳොළ, වැව් ආදියෙහි දිය නෑමට යොමු වන බැවින් දියෙහි සිදුවන අනතුරු වැළැක්වීමටයි ජීවිතාරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇත්තේ.

අනුරාධපුර – පොළොන්නරුව වෙත වන්දනාවේ යන බැතිමතුන් දිය අනතුරුවලින් ආරක්ෂා කිරීමට මාතලේ කොට්ඨාස දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, AIA රක්ෂණ සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් මාතලේ දිස්ත්‍රිකයේ ඇති ප්‍රධාන වැව් අශ්‍රිත ව මෙම විශේෂ ජීවිතාරක්ෂක වැඩපිළිවෙළ දියත් කර තිබෙනවා.

ඒ සම්බන්ධ ව නිලධාරීන් හා ජීවිතාරක්ෂක සිසුන් දැනුවත් කිරීමක් ඊයේ (20) දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය ඉදිරිපිට දී පැවැත්වුණා.

පොසොන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙවර මාතලේ දිස්ත්‍රිකයේ ඇති ප්‍රධාන වැව් අශ්‍රිත ව පුහුණුවලත් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 30 දෙනෙකු පාසැල් ජීවිතාරක්ෂක සිසුන් 25 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බවයි දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානධිපති උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?