දිවයින පුරා වනජීවි නිලධාරීන් ලබන 18 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවන බව සමස්ථ ලංකා එකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ වනජීවි නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වනජීවි නිලධාරින්ගේ සේවය ඇගයීමට ලක් නොකිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මේ වන විටත් රාජකාරිය් නිරතව සිටි වනජීවි නිලධාරින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඉන් 23 දෙනෙකු වන අලි ප්‍රහාරවලට ලක්ව මියගොස් ඇති බවයි ඔහු පැවසුවේ.
එමෙන්ම වන සම්පත ආරක්ෂා කිරීමට යාමේ දී බාහිර පුද්ගලයින් සමඟ ඇති වූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් වනජීවි නිලධාරින්ට රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදුව ඇති බවත්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ කිසිඳු පාර්ශ්වයක මැදිහත්වීමක් සිදුනො වූ බවත් අද (15) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.




