වනජීවි නිලධාරීන් වැඩ වර්ජනයකට සැරසෙයි

දිවයින පුරා වනජීවි නිලධාරීන් ලබන 18 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවන බව සමස්ථ ලංකා එකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ වනජීවි නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වනජීවි නිලධාරින්ගේ සේවය ඇගයීමට ලක් නොකිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විටත් රාජකාරිය් නිරතව සිටි වනජීවි නිලධාරින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඉන් 23 දෙනෙකු වන අලි ප්‍රහාරවලට ලක්ව මියගොස් ඇති බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම වන සම්පත ආරක්ෂා කිරීමට යාමේ දී බාහිර පුද්ගලයින් සමඟ ඇති වූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් වනජීවි නිලධාරින්ට රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදුව ඇති බවත්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ කිසිඳු පාර්ශ්වයක මැදිහත්වීමක් සිදුනො වූ බවත් අද (15) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40