AFC Banner
Empty Ad
Empty Ad

වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මියයයි

මහියංගණ, සේරාණ ප්‍රදේශයේ අද (29) දින අලුයම සිදු වූ වනඅලි ප්‍රහාරයකින් වයස අවුරුදු 84ක කාන්තාවක් මියගොස් තිබෙනවා.

වනඅලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇය, ප්‍රතිකාර සඳහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මහියංගණ සේරාණ, දික්ගොල්ල යන ලිපිනයේ පදිංචිව සිටි ටී.ජි හීංමැණිකා නම් වයස අවුරුදු 84ක කාන්තාවක්.

දිනෙන් දින මහියංගණ අවට ගම්මාන වලට දැඩි ලෙස වනඅලි පහරදීම් දේපල හානි වගා හානි සිදුවන විට, වන අලි පහරදීම් වලින් මිය යන ජීවිත ගණනද ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සැප්තැම්බ‍ර් 24වන දින මහියංගන නගරයේදීම පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබුවා.

මේ දිනවල මහියංගණ හා රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වනඅලි ඵලවා හැරීමේ මෙහෙයුමක් මහියංගණ හා රිදිමාලියද්ද වනජිවි කාර්යාල නිළධාරීන් එක්ව දින 05ක් තිස්සේ සිදු කරනු ලබනවා.

පත් වු නව රජයෙන් රටපුරා පවතින වන අලි ගැටළුවට ප්‍රමුඛතාවය ලබාදී ඒ සඳහා ස්ථිර කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලීම් සිදු කරන බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?