වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මියයයි

මහියංගණ, සේරාණ ප්‍රදේශයේ අද (29) දින අලුයම සිදු වූ වනඅලි ප්‍රහාරයකින් වයස අවුරුදු 84ක කාන්තාවක් මියගොස් තිබෙනවා.

වනඅලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇය, ප්‍රතිකාර සඳහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මහියංගණ සේරාණ, දික්ගොල්ල යන ලිපිනයේ පදිංචිව සිටි ටී.ජි හීංමැණිකා නම් වයස අවුරුදු 84ක කාන්තාවක්.

දිනෙන් දින මහියංගණ අවට ගම්මාන වලට දැඩි ලෙස වනඅලි පහරදීම් දේපල හානි වගා හානි සිදුවන විට, වන අලි පහරදීම් වලින් මිය යන ජීවිත ගණනද ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සැප්තැම්බ‍ර් 24වන දින මහියංගන නගරයේදීම පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබුවා.

මේ දිනවල මහියංගණ හා රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වනඅලි ඵලවා හැරීමේ මෙහෙයුමක් මහියංගණ හා රිදිමාලියද්ද වනජිවි කාර්යාල නිළධාරීන් එක්ව දින 05ක් තිස්සේ සිදු කරනු ලබනවා.

පත් වු නව රජයෙන් රටපුරා පවතින වන අලි ගැටළුවට ප්‍රමුඛතාවය ලබාදී ඒ සඳහා ස්ථිර කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලීම් සිදු කරන බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14