තඹුත්තේගම, පොතියාගම ප්‍රදේශයේ කුඹුරු ඉඩමක සිටි නිවසට එමින් සිටි පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (29) රාත්‍රී 7ට පමණ කෙසෙල් කොටුව ට ගොස් ඇති එම පුද්ගලයා ජංගම දුරකථනයෙන් කතා නොකිරීම හේතුවෙන් නිවැසියන් ඔහු සොයා පැමිණ ඇත.
එහිදී කෙසෙල් කොටුවට යන අතරමඟ එම පුද්ගලයාගේ යතුරුපැදිය තිබී නැවත වතාවක් දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.
එම අවස්ථාවේ දී ඒ අසල තිබු ඇළ මාර්ගයකින් දුරකථනය නාද වන බව ඇසී සොයා බැලීමේ දී එම පුද්ගලයා ඇළට වැටී සිටිනු ඥාතීන් දැක ඇත.
වනඅලි පහරදීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදි සිසිර රත්නායක නැමති තිදරු පියෙකි.
ඔහු අනුරාධපුර පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් බව ද අප වාර්තාකරු පැවසීය.
ජයගඟ හරහා අලි වැටක් ඉදිකර දෙන ලෙස ගම්මුන් කොතෙකුත් ඉල්ලීම් කල ද මේ වන තෙක් එය ඉටුවී නොමැති බවත් මෑත කාලයේ දී පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ජීවිත වනඅලි පහරදීම් හේතුවෙන් නැති වූ බවත් ගම්වාසිහු පවසති




