වනඅලි පහරදීමකින් පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට

තඹුත්තේගම, පොතියාගම ප්‍රදේශයේ කුඹුරු ඉඩමක සිටි නිවසට එමින් සිටි පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (29) රාත්‍රී 7ට පමණ කෙසෙල් කොටුව ට ගොස් ඇති එම පුද්ගලයා ජංගම දුරකථනයෙන් කතා නොකිරීම හේතුවෙන් නිවැසියන් ඔහු සොයා පැමිණ ඇත.

එහිදී කෙසෙල් කොටුවට යන අතරමඟ එම පුද්ගලයාගේ යතුරුපැදිය තිබී නැවත වතාවක් දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

එම අවස්ථාවේ දී ඒ අසල තිබු ඇළ මාර්ගයකින් දුරකථනය නාද වන බව ඇසී සොයා බැලීමේ දී එම පුද්ගලයා ඇළට වැටී සිටිනු ඥාතීන් දැක ඇත.

වනඅලි පහරදීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදි සිසිර රත්නායක නැමති තිදරු පියෙකි.

ඔහු අනුරාධපුර පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් බව ද අප වාර්තාකරු පැවසීය.

ජයගඟ හරහා අලි වැටක් ඉදිකර දෙන ලෙස ගම්මුන් කොතෙකුත් ඉල්ලීම් කල ද මේ වන තෙක් එය ඉටුවී නොමැති බවත් මෑත කාලයේ දී පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ජීවිත වනඅලි පහරදීම් හේතුවෙන් නැති වූ බවත් ගම්වාසිහු පවසති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09