වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

හැටන් – ෂැනන් වතුයායේ සේවය කරමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අද (26) දින එම වතුයායේ කම්කරුවන් පිරිසක් සේවය කරමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කුඩුවක් ඇවිස්සී එහි සිටි බඹරුන් විසින් එම පිරිසට ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය පිළිබඳව කරන ලද විමසීමක දී අදහස් දැක්වූ වටවල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ, හැටන් ෂැනන් වතුයායේ සිදු වූ බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කරන ලද සිව්දෙනාගේ තත්ත්වයන් බරපතළ නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?