වත්මන් පාලනය ගැන ඇමති විමල් තැබූ ෆේස්බුක් සටහන

වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ, බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් සිදුකිරීම හේතුවෙන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

දිගින් දිගටම එවැනි කටයුතු සිදුවීම තුළ ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවා රජය කෙරෙහි තැබූ විශ්වාසය ඉක්මනින් තහවුරු කළ යුතුව ඇති බව විමල් වීරවංශ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදෙයි.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පැවතීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා එම ෆේස්බුක් සටහන තබා තිබුණි.

රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට, ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් පවත්වා ඒවා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමය බවත් එමඟින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇති බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ඉතා ඉක්මනින් සිදුකළ යුතුව බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.

සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ද ජනාධිපතිවරයාගේ සහභාගීත්වය අතිශය වැදගත්  බව පෙන්වාදෙන අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇති බව  සඳහන් කර තිබේ.

සම්පුර්ණ සටහන පහතින් දැක්වේ.

Wimal
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29