වත්තල උණුසුම් කරමින් නගර සභා ලේකම්වරිය කලු තෙල්වලින් නාවපු හැටි

වත්තල මාබෝල නගර සභාවේ ලේකම්වරියට පිරිසක් විසින් කළුතෙල් ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබෙනවා.

ඒ මෙවර පැවති මාසික මහ සභා රැස්වීම පවත්වාගෙන යන අතරතුරදියි.

ඊයේ (28 දා) වත්තල නගර සභාවේ සභාපති මාක් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම පවත්වා තිබෙනවා. මෙහි කටයුතු තාවකාලිකව නතර කර දැමීමට සභාපතිවරයා කටයුතු කර ඇති අතර එහිදී සභාව පාලනය කිරීමට ඔහුට දැඩි උත්සාහයක් ගැනීමට සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවයි නගර සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

කලුතෙල් ප්‍රහාරයට ලක්වූ ලේකම්වරිය ප්‍රතිකාර සඳහා මේ වනවිට වත්තල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
127
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?