වටවල මාර්ගයේ නාය යෑමක් – සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ලත් සක්‍රීය වෙයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වටවල – අගරකන්ද මාර්ගයේ කොටසක් අද (12) දින නායගොස් ඇති බව වටවල පොලිසිය පැවසුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ,එම මාර්ගයේ ලොනැක් වත්තට පිවිසෙන මාර්ගය අසලින් මෙම නායයෑම සිදු වී ඇති බවත්, එම මාර්ගයේ බර වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි.

මේ අතර ඇද හැලෙන අධික වැසි තත්ත්වය මත ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවත් විවෘත කිරිමත් සමග සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල ද
සක්‍රීය තත්ත්වයට පත් ව තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පිටාර මට්ටමට පැමිණීමත් සමග එහි වාන් දොරටු සක්‍රීය වී තිබෙන බවත් සඳහන්.

ජලාශයට ආසන්නයේ පහත් බිම්වල වෙසෙන ජනතාවට වැඩි අවධානයෙන් පසුවන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?