AFC Banner
Empty Ad
Empty Ad

වංචනික ඉඩම් බලපත්‍රයක් සකස් කළ නීතිඥයෙකුට සිරදඬුවම්

රාජගිරිය, කොස්වත්ත ප්‍රදේශයේ ඉඩමකට වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 08ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

2013 ඔක්තෝබර් මාසයේ 10 වැනි දින එම බලපත්‍රය සකසා දී තිබුණා.

සිරදඬුවමට අමතරව නිමල් ජයසිරි විරසේකර නැමති එම නීතිඥවරයා හට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

එම විත්තිකාාර නීතිඥවරයා හට 2015 දී නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් අද (08) විභාග කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව තිබෙන චෝදනා පැමිණිල්ල විසින් සදාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා එම තින්දුව ලබාදෙමින් දඬුවම් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?