වංචනිකව ඉන්දියන් වීසා නිකුත් කළ සිද්ධියේ මහ මොළකරු අත්අඩංගුවට

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මහනුවර වීසා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වී අධික මුදලකට ඉන්දියන් වීසා නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු වන දත්ත සැපයුම්කරු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ මහා පරිමාණ වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දුරකථන අංකයක් ඔස්සේ ඉතා සූක්ෂම ලෙස විමර්ශන සිදුකර වීසා ලබා ගැනීමට අවශ්‍ය බවට දන්වා පොලිස් උපාය දූතයකු සම්බන්ධ වී තොරතුරු හුවමාරු කරගෙන මහනුවර වත්තේගම ප්‍රදේශයේ උත්සව ශාලාවක මංගල උත්සවයට සහභාගී වෙමින් සිටියදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සොයාගත් ලැප්ටොප් පරිගණකය මෙම මහා පරිමාණ වංචාව සඳහා යොදාගෙන රුපියල් 8000ක මුදලකට ලබා දෙන වීසා බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ලබා ගෙන ඇති බවටයි සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුගිය පෙබරවාරි 15 වැනි දින බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ වීසා මධ්‍යස්ථානයට ද හොර රහසේ ඇතුළු වී එහි ප්‍රධාන දේශීය නියෝජිතවරියගේ ලැප්ටොප් පරිගණකය ද සොරාගෙන ගොස් තිබුණා.

එම මධ්‍යස්ථානයේ තුන්වන මහලේ ප්‍රධාන දේශීය නියෝජිතවරියගේ කාර්යාලය පිහිටා ඇති අතර එහි තිබූ රුපියල් ලක්ෂ 40ක මුදලක් සහ දුරකථනය සොරුන් රැගෙන ගොස් නොතිබීම විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇති අතර එම මධ්‍යස්ථානයේ සහ මහනුවර වීසා මධ්‍යස්ථානයේ මෙන්ම තානාපති කාර්යාල කීපයක සේවකයන් මෙම මහා පරිමාණ වංචාවට සම්බන්ධ දැයි සොයා විමර්ශනයක් සිදු කරන පොලිසිය සඳහන් කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්විල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්.

අන් අයකු අයකු ලෙස පෙනී සිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපල පනත යටතේ සිදු කර ඇති වැරදි, පරිගණක අපරාධ පනත
ඇතුළු චෝදනා රැසක් යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?