වංචනිකව ඉන්දියන් වීසා නිකුත් කළ සිද්ධියේ මහ මොළකරු අත්අඩංගුවට

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මහනුවර වීසා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වී අධික මුදලකට ඉන්දියන් වීසා නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු වන දත්ත සැපයුම්කරු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ මහා පරිමාණ වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දුරකථන අංකයක් ඔස්සේ ඉතා සූක්ෂම ලෙස විමර්ශන සිදුකර වීසා ලබා ගැනීමට අවශ්‍ය බවට දන්වා පොලිස් උපාය දූතයකු සම්බන්ධ වී තොරතුරු හුවමාරු කරගෙන මහනුවර වත්තේගම ප්‍රදේශයේ උත්සව ශාලාවක මංගල උත්සවයට සහභාගී වෙමින් සිටියදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සොයාගත් ලැප්ටොප් පරිගණකය මෙම මහා පරිමාණ වංචාව සඳහා යොදාගෙන රුපියල් 8000ක මුදලකට ලබා දෙන වීසා බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ලබා ගෙන ඇති බවටයි සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුගිය පෙබරවාරි 15 වැනි දින බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ වීසා මධ්‍යස්ථානයට ද හොර රහසේ ඇතුළු වී එහි ප්‍රධාන දේශීය නියෝජිතවරියගේ ලැප්ටොප් පරිගණකය ද සොරාගෙන ගොස් තිබුණා.

එම මධ්‍යස්ථානයේ තුන්වන මහලේ ප්‍රධාන දේශීය නියෝජිතවරියගේ කාර්යාලය පිහිටා ඇති අතර එහි තිබූ රුපියල් ලක්ෂ 40ක මුදලක් සහ දුරකථනය සොරුන් රැගෙන ගොස් නොතිබීම විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇති අතර එම මධ්‍යස්ථානයේ සහ මහනුවර වීසා මධ්‍යස්ථානයේ මෙන්ම තානාපති කාර්යාල කීපයක සේවකයන් මෙම මහා පරිමාණ වංචාවට සම්බන්ධ දැයි සොයා විමර්ශනයක් සිදු කරන පොලිසිය සඳහන් කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්විල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්.

අන් අයකු අයකු ලෙස පෙනී සිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපල පනත යටතේ සිදු කර ඇති වැරදි, පරිගණක අපරාධ පනත
ඇතුළු චෝදනා රැසක් යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51