ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව 129වන ස්ථානයේ

ශ්‍රී ලංකාව මෙවර ලෝක සතුටු දර්ශකයේ 129 වන ස්ථානයට පත්ව තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සැම වසරකම රටවල් 149ක පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන එම සමීක්ෂණයට අනුව 2021 වසරේ ලොව සතුටුදායකම පුද්ගලයින් වෙසෙන රට බවට අඛණ්ඩව සිවුවන වරටත් පත්ව ඇත්තේ ෆින්ලන්තයයි.

සතුටු දර්ශකයේ පළමු ස්ථාන 10න් නවයක්ම යුරෝපා රටවල් වන අතර අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සලන්තය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් ඒ අතරට අයත්ය.

සතුටු දර්ශකයේ අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත්ව ඇති අතර ඉන්දියාව 139 වන ස්ථානයටත්, චීනය 84 වන ස්ථානයටත් පත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?