විදෙස්ගත පාතාලයින් 26 දෙනෙක්ගේ විමර්ශන කඩිනම් කරන්න නියෝගයක්

මෙරට පාතාල සාමාජිකයන් වෙනත් නම් වලින් විදේශ ගතව ඇති බවට සිදු කරනු ලබන විමර්ශනයේ පාතාල සාමාජිකයන් 26 දෙනාටම අදාල විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

එම විමර්ශනයට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඇගිළි සළකුණු සටහන් වාර්තා කිහිපයක් ඇගිලි සටහන් කාර්යාලයට යොමු කළ බවත් මේ වනවිට වාර්තා දෙකක් පමණක් ලැබී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එම අවස්ථාවේ 26 දෙනෙක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ වාර්තා දෙකක් පමණක් ලැබී ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අතර ඇගිලි සටහන් කාර්යාලයට එම වාර්තා 26 ම යොමු කළාද යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා.

එහිදී පොලිසිය කියා සිටියේ එම 26 දෙනාට අයත් වාර්තා වලින් කිහිපයක් පමණක් යොමු කර ඇති බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිලධාරියා කාර්ය බහුල වීම මත කිහිපයක් පමණක් යොමු කර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර ඉදිරි දින සියලු වාර්තා යොමු කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

වෙනත් පුද්ගලයන්ගේ නම් හා ඡායාරූප භාවිතා කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන විදේශ ගතව ඇතැයි සැක කෙරෙන පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මෙම නියෝග නිකුත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව වැඩිදුර වාර්තා සඳහා ලබන මැයි මස 04 කැඳවන ලෙසත් එදිනට වාර්තා ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර - "සද්දේ ආපු ගමන් මං පුතා ඉන්නවද බැලුවේ"
02:17
Video thumbnail
මත් කුඩු ජාවාරම මෙහෙයවූ පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක් කොටු - බඩුත් එක්කම සිසුවා අත්අඩංගුවට
01:15
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි - බය වෙන්න එපා කිසි හානියක් වෙන්නේ නෑ
10:18
Video thumbnail
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් ක#පා දමයි
01:07
Video thumbnail
නිවසට පැන්න සොරාට ගමම එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:09
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය
00:35
Video thumbnail
අනුර තෙන්නකෝන්ගෙන් 15 හැවිරිදි සූර්යවංශිට උපදෙසක්
00:41
Video thumbnail
අපේ මහින්ද මහත්තයාගේ කාලයේ මෙහෙම නෑ
00:48
Video thumbnail
බිලියන ගණනක ඔට්ටු අල්ලන ෆිෆා ලෝක කුසලානය
01:29