ලෝක සංචාරක දිනය වෙනුවෙන් කටුනායකදී සැමරුම් උත්සවයක් (ඡායාරූප)

සෑම වසරකම සැප්තැම්බර් මස 27 දිනට යෙදී ඇති ලෝක සංචාරක දිනය වෙනුවෙන් සැමරුමක්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් අති උත්කර්ෂවත් අන්දමින් අද (27) දින උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පවත්වනු ලැබුවා.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ අනුෂා දමයන්ති සහභාගී වී සිටියා .

අද උදෑසන 09.00 සිට ආරම්භ වූ මෙම වැඩසටහන තුළදී , ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සුහදශීලී ලෙස පිළිගෙන , ඔවුන්ට කේක් සහ තේ කොළ අඩංගු පාර්සල් පිළිගැන්වූ අතර , උඩරට සහ පහතරට නර්තන ශිල්පීන් පිරිසක් ද මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංචාරකයන් හමුවේ සිය නර්තනාංග ඉදිරිපත් කළා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ අනූෂා දමයන්ති , මේ වනවිට ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් දහසය ලක්ෂ හැත්තෑ දහසක් පැමිණි ඇති බව සඳහන් කළා.

මෙම වැඩසටහන පස්වරු 12.00 පමණ වනතෙක් කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?