ලෝක බැංකු නිලධාරීන් බලශක්ති ඇමති සමග සාකච්ඡාවක

විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා සහය පළ කරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට පැමිණ ඊයේ දිනයේ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී විදුලිබල මණ්ඩලයේ මූල්‍ය විගණනයට අවශ්‍ය තාක්ෂණික සහය, වත්කම් සහ මානව සම්පත් අනුයුක්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ නීතිමය රාමුව සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදී ඇත්තේ ලෝක බැංකුව විසින්.

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී සන්නිවේදන කටයුතු කිරීම සදහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් තරගකාරී ලංසු තැබීමේ සැලසුමක් සකස් කිරීම සහ බලශක්ති සඵලතාවය සදහා මූල්‍ය සහ තාක්ෂණික සහය ඉදිරියේදී ලබා ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ලෝක බැංකුවේ බලශක්ති ප්‍රවීණයන් මෙන්ම විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ ප්‍රධානියා මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රවල ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ, විදුලිය සහ ඉන්ධන වෙනුවෙන් හදුන්වාදුන් වියදම් නිරූපණය වන අයක්‍රම සහ මිල සුත්‍රය, අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ සහ රජය මගින් සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ඊයේ සවස සිදු කෙරුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී, පීටර් බෘවර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග ඊට සහභාගී වී තිබෙනවා.

ජනාධිපති කාර්‍යය මණ්ඩලයේ ප්‍රධානි සාගල රත්නායක, මුදල් සහ ආර්ථික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්‍යාලයේ නිලධාරින් ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම හමුවට එක්වූ බවයි බලශක්ති අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?