ලෝක බැංකු නිලධාරීන් බලශක්ති ඇමති සමග සාකච්ඡාවක

විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා සහය පළ කරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට පැමිණ ඊයේ දිනයේ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී විදුලිබල මණ්ඩලයේ මූල්‍ය විගණනයට අවශ්‍ය තාක්ෂණික සහය, වත්කම් සහ මානව සම්පත් අනුයුක්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ නීතිමය රාමුව සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදී ඇත්තේ ලෝක බැංකුව විසින්.

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී සන්නිවේදන කටයුතු කිරීම සදහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් තරගකාරී ලංසු තැබීමේ සැලසුමක් සකස් කිරීම සහ බලශක්ති සඵලතාවය සදහා මූල්‍ය සහ තාක්ෂණික සහය ඉදිරියේදී ලබා ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ලෝක බැංකුවේ බලශක්ති ප්‍රවීණයන් මෙන්ම විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ ප්‍රධානියා මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රවල ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ, විදුලිය සහ ඉන්ධන වෙනුවෙන් හදුන්වාදුන් වියදම් නිරූපණය වන අයක්‍රම සහ මිල සුත්‍රය, අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ සහ රජය මගින් සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ඊයේ සවස සිදු කෙරුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී, පීටර් බෘවර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග ඊට සහභාගී වී තිබෙනවා.

ජනාධිපති කාර්‍යය මණ්ඩලයේ ප්‍රධානි සාගල රත්නායක, මුදල් සහ ආර්ථික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්‍යාලයේ නිලධාරින් ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම හමුවට එක්වූ බවයි බලශක්ති අමාත්‍යවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42