2023/25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට (11) ලෝඩ්ස් හි දී ආරම්භ වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පළමු ව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව ඇරයුම පිළිගත් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පිතිකරණය ආරම්භ කළ අතර, සාර්ථක ලකුණක් රැස් කිරීමට පෙර මුල් කඩුලු ද්විත්වයම අඩු ලකුණකට දවාගන්නටයි දකුණු අප්‍රිකාව සමත් වූයේ.
එම මුල් කඩුලු දෙකම හිමිවූයේ දකුණු අප්‍රිකානු වේග පන්දු ක්‍රීඩක කගිසෝ රබාඩාටයි.
උස්මන් කවජා කිසිදු ලකුණක් නොලබා ම දැවී ගිය අතර ග්‍රීන් කැමරන් ලකුණු 04කට දැවී ගියා.
මේ වනවිට ඔස්ට්‍රෙලියානු පළමු ඉනිම කඩුලු 02ක් දැවී ලකුණු 26යි.
තෙවැනි කඩුල්ලට පිටියේ රැඳී සිටින්නේ මාර්නස් ලබුශේන්ග් සමගින් ස්ටීවන් ස්මිත්.





