ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා සටනේ කාසියේ වාසිය දියමන්ති දේශයට

2023/25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට (11) ලෝඩ්ස් හි දී ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පළමු ව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව ඇරයුම පිළිගත් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පිතිකරණය ආරම්භ කළ අතර, සාර්ථක ලකුණක් රැස් කිරීමට පෙර මුල් කඩුලු ද්විත්වයම අඩු ලකුණකට දවාගන්නටයි දකුණු අප්‍රිකාව සමත් වූයේ.

එම මුල් කඩුලු දෙකම හිමිවූයේ දකුණු අප්‍රිකානු වේග පන්දු ක්‍රීඩක කගිසෝ රබාඩාටයි.

උස්මන් කවජා කිසිදු ලකුණක් නොලබා ම දැවී ගිය අතර ග්‍රීන් කැමරන් ලකුණු 04කට දැවී ගියා.

මේ වනවිට ඔස්ට්‍රෙලියානු පළමු ඉනිම කඩුලු 02ක් දැවී ලකුණු 26යි.

තෙවැනි කඩුල්ලට පිටියේ රැඳී සිටින්නේ මාර්නස් ලබුශේන්ග් සමගින් ස්ටීවන් ස්මිත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32