පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි ඊයේ (25) ලාහෝර්හි දී පාකිස්තාන ක්‍රීඩකයින් සහ ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් හමු වී තිබෙනවා.
තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් පාකිස්තානයේ ස්ථාවරය රජයේ මට්ටමේ වර්ධනයන් සමඟ සමීපව බැඳී ඇති බවයි නක්වි මෙහිදී අවධාරණය කර ඇත්තේ.
මේ අතර රජය ගනු ලබන ඕනෑම තීරණයකට එකඟවන බවත්, ඉස්ලාමාබාදය උපදෙස් දෙන්නේ නම් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වර්ජනයට සහාය දක්වන බවයි ක්‍රීඩකයින්, සභාපති මොහ්සින් නක්වි හට මෙහිදී පවසා ඇත්තේ.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන සමන්විත පකිස්තාන සංචිතය ඊයේ (25) නම් කළා.
කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ, සංචිත ප්‍රකාශයට පත් කිරීම සහභාගීත්වය සඳහා කොළ එළියක් සංඥා කළ බවට ඇති මතය ප්‍රතික්ෂේප කරන බවයි.



