logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ලෝක කුසලානය දිනූ ශර්මා බාබර්ඩෝස් තණතීරුවේ වැලි කන වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

පසුගිය සෙනසුරාදා පැවති 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ශර්මා බාබර්ඩෝස් හි කෙනින්ටන් ඕවල් තණතීරුවේ වැලිකැට කිහිපයයක් අනුභව කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අයි.සී.සීය විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

එම්.එස්.දෝනිට පසුව විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් දෙවන ඉන්දීය නායකයා බවට රෝහිත් ශර්මා පත් වූ අතර, එම මොහොත අමරණීය කිරීමට රෝහිත් බාබඩෝස් තණතීරුවේ වැලිකැට කිහිපයක් අනුභව කර ඔහු සමඟ රැගෙන ගියා.

මෙම අසාමාන්‍ය ක්‍රියාවේ වීඩියෝව ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය සහ විනෝදාස්වාදය ග්‍රහණය කරගනිමින් ඉතා ඉක්මනින් සමාජ මාධ්‍යවල මේ වනවිට පැතිර ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ශර්මා මෙවැනි අසාමාන්‍ය ක්‍රියාවක් සිදුකළේ කුමන හේතුවක් නිසා ද යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?