ලෝක කුසලානයේ සහභාගී වූ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ අවසන් තරගයෙන් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා.

බෙංගලූරුහිදී මෙම තරගය පැවැත්වුණේ නවසීලන්ත කණ්ඩායම සමගයි. තරගය නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ කඩුලු 5කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

කුසල් පෙරේරා පන්දු 28කින් ලකුණු 51ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින්. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 16ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 19ක් ලබා ගත්තා. මහීෂ් තීක්ෂණ නොදැවී 39යි. දිල්ෂාන් මදුෂංක ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 3ක්, ලෝකී ෆර්ගසන්, රචින් රවින්ද්‍ර සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

තරගය ජය ගැනීමට නවසීලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 172ක්. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 23යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Devon Conway ලකුණු 45ක්, Rachin Ravindra ලකුණු 42ක් සහ Daryl Mitchell ලකුණු 43ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 2ක් බිඳහෙලුවා.

මේ අනුව 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සහභාගී වූ තරග 9න් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග දෙකක් පමණයි. ඒ එංගලන්තය සහ නෙදර්ලන්තය සමග පැවති තරග දෙක පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?