AFC Banner
AFC Banner
Empty Ad

ලෝක කුසලානයේ දී ප්‍රතිවාදීන්ට පන්දු යවන්න ඉන්දියාවට වෙනම ම පන්දුවක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රතිවාදීන් වෙනුවෙන් ඉන්දියාව වෙනත් පන්දුවක් භාවිත කරනවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව හිටපු පාකිස්ථාන ක්‍රීඩක හසන් රාසා පවසනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ දී ඉන්දීය පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ලකුණු 55 කට සුනු විසුනුකර දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්ථාන ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ ඔහු මේ බව පවසා තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ අනෙකුත් කණ්ඩායම්වලට වඩා හොඳින් පන්දු යැවීමට ඉන්දියාවට වෙනස් පන්දුවක් ලබාදෙන බවයි.

”මොහොමඩ් ෂාමි සහ මොහොමඩ් සිරාජ්ගේ පන්දු යැවීම දෙස බලන විට දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් සහ මකායාන්ටිනි වැනි ක්‍රීඩකයින් එරටදී පන්දු යැවූ ආකාරය සිහිපත් වනවා. පන්දුව එක් පැත්තක් දිලිසෙන අතර අනෙක් පැත්ත රළුයි. එය රිවර්ස් සහ දෝලනය වීමට ඉඩ සලසනවා. එහෙත් මට හැඟෙන්නේ මෙහිදී පන්දුව හැසිරෙන ආකාරය අනුව ඉනිම මැද දී වෙනසක් වන බවයි.”

ඉන්දියාවට අමතර ඔප දැමීමේ තට්ටුවක් සහිත පන්දුවක් ලැබෙන බව පවසන හසන් රාසා, එමඟින් අනෙක් පන්දු යවන්නන්ට වඩා සාපේක්ෂව ඉන්දීය පන්දු යවන්නන්ට පන්දුව දෝලනය කිරීමට සහ හැරවීමට ඉඩ සැලසෙන බවයි පවසන්නේ.

ඔහුගේ අදහස වී ඇත්තේ අමතර පොලිෂ් තට්ටුව හෝ ආලේපනය පරීක්ෂා කළ යුතු බවටයි.

පන්දු ලබා දෙන්නේ ICC, විනිසුරු මඩුල්ල, හෝ BCCI වුව ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හසන් රාසා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
53
+1
42
+1
66
+1
71
+1
54
+1
22
+1
24
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?