මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රතිවාදීන් වෙනුවෙන් ඉන්දියාව වෙනත් පන්දුවක් භාවිත කරනවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව හිටපු පාකිස්ථාන ක්‍රීඩක හසන් රාසා පවසනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ දී ඉන්දීය පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ලකුණු 55 කට සුනු විසුනුකර දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්ථාන ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ ඔහු මේ බව පවසා තිබෙනවා.
ඔහු එහිදී පවසා ඇත්තේ අනෙකුත් කණ්ඩායම්වලට වඩා හොඳින් පන්දු යැවීමට ඉන්දියාවට වෙනස් පන්දුවක් ලබාදෙන බවයි.
”මොහොමඩ් ෂාමි සහ මොහොමඩ් සිරාජ්ගේ පන්දු යැවීම දෙස බලන විට දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් සහ මකායාන්ටිනි වැනි ක්‍රීඩකයින් එරටදී පන්දු යැවූ ආකාරය සිහිපත් වනවා. පන්දුව එක් පැත්තක් දිලිසෙන අතර අනෙක් පැත්ත රළුයි. එය රිවර්ස් සහ දෝලනය වීමට ඉඩ සලසනවා. එහෙත් මට හැඟෙන්නේ මෙහිදී පන්දුව හැසිරෙන ආකාරය අනුව ඉනිම මැද දී වෙනසක් වන බවයි.”
ඉන්දියාවට අමතර ඔප දැමීමේ තට්ටුවක් සහිත පන්දුවක් ලැබෙන බව පවසන හසන් රාසා, එමඟින් අනෙක් පන්දු යවන්නන්ට වඩා සාපේක්ෂව ඉන්දීය පන්දු යවන්නන්ට පන්දුව දෝලනය කිරීමට සහ හැරවීමට ඉඩ සැලසෙන බවයි පවසන්නේ.
ඔහුගේ අදහස වී ඇත්තේ අමතර පොලිෂ් තට්ටුව හෝ ආලේපනය පරීක්ෂා කළ යුතු බවටයි.
පන්දු ලබා දෙන්නේ ICC, විනිසුරු මඩුල්ල, හෝ BCCI වුව ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හසන් රාසා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.














ඇත්තටම හසන් රාසා නිවැරදි විය හැකියි. අනික මොහොමඩ් සිරාජ් පන්දුවෙන් පන්දුව ක්‍රීඩකයා ලගට ගොස් උසුළු විසුළු කිරීම නවත්වන්න විනිසුරුට බැරිද? මේ ගැනත් සොයා බැලිය යුතුයි. හසන් රාසාගෙ කතාවත් බැහැර කල නොහැකියි. ඒ සදහා ICC එකට කොන්ද පන තියෙනවනම් ඒ ගැන සොයාබලන්න ඕනේ
මුන් කොහොමත් හොර කරලා හරි දිනන්න බලන්නේ….මොනව කරත් මේ පාර ඉංදියාවට කප් එක ගන්න වෙන්නෑ
ICC. = BCCI
මෝඩ,කුහක,නාර පුරා ඉරිසියාවෙන් පිරිච්ච ඌරෙක්.
Yes I agree.Its very important idea
Something is wrong is this world cup I think India have some favour