ලෝක කුසලානයට පෙර ශකීබ්ගේ තීරණය

එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ස්ථිරකර ඇති ක්‍රීඩකයි එළඹෙන නවසීලන්ත තරගාවලියේ දී විවේක ගැන්වීම සුදුසු බව බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පවසනවා.

ලෝක කුසලානයට පෙර ක්‍රීඩකයින්ට ඇතිවිය හැකි ආබාධයන් ලෝක කුසලාන තරගාවලියේ දී සිය කණ්ඩායමට අවාසියක් වන බැවින් මෙම තීරණය ගැනීම සුදුසු බවයි ශකීබ් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලෝක කුසලානයට ක්‍රීඩකයන් යෝග්‍යතාවයෙන් හා සෞඛ්‍ය සම්පන්නව සිටීම ඉතා වැදගත් බවයි මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බංග්ලාදේශ නායකයා පවසා සිටියේ.

නවසීලන්තය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සැප්තැම්බර් 21 වනදා ආරම්භ වී 26 වනදා ඩකාහි දී අවසන් වීමට නියමිතයි.

අනතුරුව නවසීලන්තය සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකම ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව බලා ගමන් කිරීමයි සැලසුම වී ඇත්තේ.

නවසීලන්තය සහ බංග්ලාදේශය පිළිවෙළින් සැප්තැම්බර් 29 සහ ඔක්තෝබර් 02 යන දිනවල දී ලෝක කුසලානයට පෙර, පෙරහුරු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් ලෝක කුසලානය වෙනුවෙන් එක්වන බංග්ලාදේශ සංචිතය තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?