spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානයට පෙර ශකීබ්ගේ තීරණය

එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ස්ථිරකර ඇති ක්‍රීඩකයි එළඹෙන නවසීලන්ත තරගාවලියේ දී විවේක ගැන්වීම සුදුසු බව බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පවසනවා.

ලෝක කුසලානයට පෙර ක්‍රීඩකයින්ට ඇතිවිය හැකි ආබාධයන් ලෝක කුසලාන තරගාවලියේ දී සිය කණ්ඩායමට අවාසියක් වන බැවින් මෙම තීරණය ගැනීම සුදුසු බවයි ශකීබ් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලෝක කුසලානයට ක්‍රීඩකයන් යෝග්‍යතාවයෙන් හා සෞඛ්‍ය සම්පන්නව සිටීම ඉතා වැදගත් බවයි මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බංග්ලාදේශ නායකයා පවසා සිටියේ.

නවසීලන්තය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සැප්තැම්බර් 21 වනදා ආරම්භ වී 26 වනදා ඩකාහි දී අවසන් වීමට නියමිතයි.

අනතුරුව නවසීලන්තය සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකම ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව බලා ගමන් කිරීමයි සැලසුම වී ඇත්තේ.

නවසීලන්තය සහ බංග්ලාදේශය පිළිවෙළින් සැප්තැම්බර් 29 සහ ඔක්තෝබර් 02 යන දිනවල දී ලෝක කුසලානයට පෙර, පෙරහුරු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් ලෝක කුසලානය වෙනුවෙන් එක්වන බංග්ලාදේශ සංචිතය තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?