එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව ලබා පිටත්ව යෑමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය වීසා නිකුත් කිරීම ඊයේ (25) දිනයේ සිදුකළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් වීසා නිෂ්කාශනය සම්බන්ධයෙන් තවමත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක් ලැබී නොමැති බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.
පාකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා නිකුත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන කඳවුර තුළ ව්‍යාකූලත්වයක් පැවතුණා.
පාකිස්ථාන කණ්ඩායම හෙට (27) දින හයිද්‍රාබාද් වෙත පැමිණීමට පෙර ඩුබායි හි දින දෙකක පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දීය වීසා පිළිබඳ අවිනිශ්චිතතාවය හේතුවෙන් එය අවලංගු කිරීමටයි සිදු වුණේ.
ඒ, අනුව පාකිස්ථාන කණ්ඩායම හෙට (27) දින අලුයම ලාහෝර් සිට ඩුබායි හරහා හයිද්‍රාබාද් බලාගමන් කිරීමට නියමිත බවයි තොරතරු වාර්තා වුණේ.
මේ අතර පාකිස්ථානයට මෙලෙස අසාධාරණ ලෙස සැලකීම පිළිබඳව සිය කනස්සල්ල මතු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් ද පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය යොමුකර ඇති බව සඳහන්.













