AFC Banner
Empty Ad
Empty Ad

ලෝක ආඝාත දිනය අද

ලෝක ආඝාත දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම ලෝක ආඝාත දිනය ලෝක ආඝාත සංගමය මගින් නවමු තේමාවක් යටතේ සමරනු ලබනව. එම තේමාව කාලානුරූපව වෙනස් වන අතර මෙවර ලෝක ආඝාත දිනයේ තේමාව වනුයේ “රෝග නිවාරණය” යන්නයි.

වසරකට ආඝාත රෝගීන් 60,000ක් පමණ රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට යොමු වන බවයි ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පැවසුවේ.

ඔහු මේ බව කියාසිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා,

“වයස අවුරුදු 25ට වැඩි පුද්ගලයන් සෑම හතර දෙනකුගෙන්ම එක් අයකු ආඝාත රෝගයට ගොදුරු වෙනවා. මේ රෝගයට දෛනිකව ගොදුරු වන සංඛ්‍යාව ඉහළ යනවා. අධිරුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් තැන්පත් වීම, දුම්බීම, මත්වතුර භාවිතය, මානසික ආතතිය, ව්‍යායාම නොමැතිකම, ක්ෂණික ආහාරවලට පෙළඹීම ආදී සාධක පාලනය කර ගැනීමෙන් ආඝාත රෝගයෙන් වැළකී සිටිය හැකියි.

ආඝාත තත්ත්වය එක්වරක් වැළඳුනොත් එයින් සියයට 25කට යළි වැලඳීමට හැකියි. මුහුණේ එක් පසක් ඇදවීම, වචන පැටලීම ආදිය ආඝාතයේ රෝග ලක්ෂණ. රට පුරා සුවදිවි සායන 800ක් පමණ තිබෙනවා. මේ සුවදිවි සායනවලට සහභාගි වීමෙන් රෝගය කලින් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු විය හැකියි.”

ආඝාත දිනය නිමිත්තෙන් රත්නපුර ශික්ෂණ රෝහලේදී ද දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවති අතර එහිදී අදහස් දැක්වූ රත්නපුර ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂ අධ්‍යයන භෞතචිකිත්සකවේදී මිතුන් සේනාරත්න මහතා,

“පසුගිය වසර 17 කාලයේ මස්තිෂ්ක ආඝාත තත්ත්වය හෙවත් අංශභාග රෝගී තත්ත්වය ඇති වීමේ අවදානම 50%කින් වර්ධනය වී ඇති බව 2022 සමීක්ෂණ දත්ත වාර්තා අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. සෑම පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් පුද්ගලයකු අංශභාග රෝගී තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා.

මේ වන විට මස්තිෂ්ක ආඝාත රෝගය ලෝකයේ මිනිසුන් මියයෑමට හේතු වන රෝග අතරින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. පුද්ගලයන් ආබාධිත තත්ත්වයට පත් කරන රෝග අතර ප්‍රමුඛ ස්ථානයට පත්ව තිබෙනවා. දැනට ලෝක වසංගත තත්ත්වයක ප්‍රමාණුපාතය දක්වා මේ රෝගී තත්ත්වය පැමිණ තිබෙනවා. 2014 මෙරට සෞඛ්‍ය සමීක්ෂණ දත්ත වාර්තා අනුව රෝහල්වල මිනිසුන් මියයෑමට හේතු වන රෝග අතරින් තෙවන ස්ථානය මස්තිෂ්ක ආඝාත තත්ත්වයට හිමි වී තිබෙනවා. 2019 එය හත් වන ස්ථානය දක්වා අඩු වී ඇතත් 2022 මෙරට සෞඛ්‍ය සමීක්ෂණ දත්ත වාර්තා අනුව රෝහල්වල මියයන මිනිසුන්ගෙන් 8.5%ක් පමණ මේ රෝගී තත්ත්වය නිසා සිදු වන බව පැහැදිලිවී තිබෙනවා.

ආඝාතය මොළයට රුධිර සැපයුම අඩාලවීම නිසා ඇති වන තත්ත්වයක්. මේ නිසා මොළයට ඔක්සිජන් සහ ග්ලූකෝස් සැපයුම අඩාල වන බැවින් මොළයට හානිවී මොළයේ සෛල මරණයට පත් වී ඒ හා සම්බන්ධ ක්‍රියාකාරම් අඩාල වෙනවා. මෙයට හේතු වන්නේ මොළයට රුධිරය සපයන වාහිනියක, ධමනියක මේදය තැන්පත්වීම නිසා ධමනි කුහරය සිහින්වීම හෝ මොළයට රුධිරය සපයන වාහිනියක, ධමනියක රුධිර කැටිති හෝ රුධිර පට්ටිකා සිරවීම හේතුවෙන් මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් පුපුරා යෑම නිසා සිදු වන අභ්‍යන්තර රුධිර ගැලීම්. මෙහිදී ආංශික වශයෙන් හෝ පුර්ණ වශයෙන් අබාධිත තත්ත්වයට පත්වෙනවා. ඉහළ ගාත්‍රා කොටස්වල (අත්) සහ පහළ ගාත්‍රා කොටස්වල (කකුල්) අංශභාගයට පණ නැති ස්වභාවයට අමතරව කථනයේ දුර්වලතා, මතකයේ සිදු වන දුර්වලතා ද ඇතිවෙනවා. අධි රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරගත ඉහළ කොලෙස්ටරෝල් මට්ටම, අධික තරබාරුව, අඩු ශාරීරික ක්‍රියාකාරකම්, දුර්වල ආහාර පුරුදු, දුම් පානය සහ මානසික ආතතිය මෙයට බලපාන අවදානම් සාධක වෙනවා.

වයස, ස්ත්‍රී/පුරුෂ භාවය, ජන වර්ගය, පරම්පරාගත රෝගී තත්ත්වයන් වෙනස් කළ නොහැකි අවදානම් සාධක වෙනවා. අංශභාග රෝගීන්ගේ පූර්ණ සුවපත්භාවයට භෞතචිකිත්සකවේදීන් භෞතික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හෙවත් ප්‍රතිකාර ව්‍යායාම අනුගමනය කරනවා. මෙහිදී එක් එක් රෝගීන්ට විශේෂණය වූ ප්‍රතිකාර, ව්‍යායාම පුරුදු පුහුණු කිරීම සහ ඉගැන්වීම සිදු කරනවා. මෙමඟින් බලාපොරොත්තු වන්නේ මොළයේ සෛලවල ස්නායුක ස්විකර්යතාවය ඇති කිරීමෙන් රෝගියාගේ ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වය හෝ ඊට ආසන්න මට්ටම් දක්වා රැගෙන ඒමයි. මේ ප්‍රතිකාර ව්‍යායාම මඟින් සන්ධිවලින් අස්ථි අවසන්ධි වීම, සංවේදනා ග්‍රහණය වීමේ දුර්වලතාව, අත් හා පාදවල මාංශ පේශි ඝන වීම නිසා වි විනාඩි 30ක පමණ කාලයක් ශාරීරික ක්‍රියාකාරකම්වල නිතර වීමෙන් මේ අංශභාග තත්ත්වය ඇතිවීමේ අවදානම අඩු මට්ටමක් දක්වා ළඟා කර ගත හැකි වෙනවා.”

ආඝාතය යනු මොළය ආශ්‍රිත රුධිර නහර වල ඇතිවන රෝගී තත්ත්වයක්. මේ නිසා සිදුවන මරණ සහ ආබාධිත වීම් සංඛ්‍යාව ඉතාමත් ඉහළ වන අතර ලෝකයේ මරණ සිදුවීමට මෙම ආඝාතය නොහොත් අංශභාගය ප්‍රධානම හේතුවක් ද වනවා.

2022 වසරේ දී ප්‍රකාශයට පත්කළ ගෝලීය ආඝාත දත්ත පත්‍රිකාවට අනූව ආඝාතිය ව්‍යාප්තිය, මරණ සහ ආබාධිතවීම් පිළිබදව ඉතා බැරෑරුම් තොරතුරු වාර්තාවී තිබෙනවා. පසුගිය වසර 17ක කාලය තුළදී ආඝාතය වැළදීමේ අවධානම 70%කින් වැඩිවී ඇති අතර ඒ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද 43%කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්. මෙම මරණ වලින් 86%ක් සහ ආබාධිත වීම්වලට ලක්වන්නන්ගෙන් 89%ක්ම සිදුවන්නේ මධ්‍යම අඩු ආදායම් සහ අඩු ආදායම් සහ අඩු ආදායම් ලබන ලංකාව වැනි රටවල් වල වීමද විශේෂයක්.

ලංකාවේ වසරකට 60,000ක් පමණ මෙම ආඝාතය හේතුවෙන් රෝහල් ගත වනවා. ඉන් 4000ක් පමණ මිය යාම සිදුවන බවයි සඳහන් වන්නේ. වර්තමානය වන විට දැනුවත් කිරීම් තුළින් රෝගී තත්ත්වය ඇතිවූ වහාම වෙනත් ප්‍රතිකාරවලට යොමු නොවී රෝහල්ගත වීම සදහා යොමු කිරීමෙන් රෝගය හේතුවෙන් සිදුවන මරණ සහ ආබාධිත වීම් අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.

යම් පුද්ගලයෙකුට ආඝාතය වැළදුනහොත් රෝගියාව සන්සුන් කරවා වම් ඇලයට හරවා හාන්සි කිරීම වැදගත් වන අතර මෙහිදී රෝගියාට කිසිවක් ආහාරයට ගැනීමට හෝ පානය කිරීමට නොදිය යුතුයි. මෙවන් අවස්ථාවක රෝගියාට සිහි කල්පනාව නැතිවීමක් සිදු නොවන අතර අප්‍රාණික වීමක් පමණක් සිදු වනවා. එවිට කිසිදු ඖෂධයක් හෝ පානයට දීම නුසුදුසු වන්නේ ගිලීමේ අපහසුතාවය හේතුවෙන් පිට උගුරේ යාමට ඇති අවදානම හේතුවෙන්. එවන් අවස්ථාවක රෝගියාගේ හුස්ම ගැනීම ආදිය පරීක්ෂාකර හැකි ඉක්මණින් ගිලන් රථයක් ආධාරයෙන් රෝහල්ගත කිරීම වැදගත් වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මෙරට බොහෝ වශයෙන් මරණ සදහා හේතුවන දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආදී බෝ නොවන රෝග මෙන්ම පිළිකා ශ්වසන රෝග ආදී රෝග රැසක් සඳහාම අහිතකර ආහාර රටා හේතු වනවා. එනම් තෙල්, සීනි, ලුණු අධික ආහාර ගැනීම අධික රුධිර පීඩනය හෘදයාබාධ, වකුගඩු අකර්මන්‍ය වීම් සහ ආඝාතය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමට බලපානවා.

ලුණු සීනි සහ සංතෘප්ත මේද අධික ආහාර වලින් වැළකී සිටීම නිරෝගී දිවියකට හේතු වන අතරම මෙම සංඝඨක අධිකව අඩංගු වනුයේ ක්ෂණික සහ පිසූ ආහාරවලයි. මේවාට විකල්ප වශයෙන් නැවුම් එළවලු සහ පළතුරු භාවිතා කිරීමට යොමුවිය යුතු වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති දත්තවල‌ට අනූව දිනකට ගන්නා ආහාරයෙන් පස් පංගුවක් පමණ නැවුම් එළවලු සහ පළතුරු ආහාරයට ගත යුතුයි. මෙහිදී එළවලු වර්ග 03ක් සහ පළතුරු 02ක් දිනකට භාවිතයට ගත හැකිනම් එය වැදගත් බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11
Video thumbnail
නීතිඥ නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - වැඩබලන පොලිස්පතිගෙත් රෙදි ලෙෆ්ට්
07:41
Video thumbnail
ඇත්තටම ලැජ්ජයි - හොඳ වෙලාවට ඇමරිකන් ආණ්ඩුව මේ අනතුර ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළේ #arugambe
02:09
Video thumbnail
ඔබේ ආදරය කාලයක් පවත්වා ගන්නේ කොහොමද?
05:04
Video thumbnail
ගම්මන්පිලගේ වාර්තාව ගැන ලක් අම්මා කට අරී - හොඳටම තදවෙයි
03:21

?