සංචාරක වීසා මත ගෙන ගිය මෙරට විශ්‍රාමික රණවිරුවන් රුසියානු යුද සේවයේ යොදවා ඇති බවට හෙළිදරවුවවක් – සමහරු මියගිහින්

සංවිධානාත්මක පිරිසකගේ මැදිහත් වීමෙන් සංචාරක වීසා යොදා ගෙන විශ්‍රාමික රණවිරැවන් පිරිසක් රුසියාවට රැගෙන ගොස් එරට යුද්ධයේ ඉදිරිපෙළ යුද ක්‍රියාන්විතවල යොදවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; රුසියානු යුද බිමෙහි සේවයට යොදවා සිටින එම රණවිරු පිරිස අතරින් ඇතැමෙක් යුද්ධයෙන් මියගොස් ඇති බවට වූ පුවතක් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වන බවයි.

මෙලෙස සංවිධානාත්මක පිරිසක් විසින් සංචාරක වීසා මත රුසියාවට රැගෙන ගොස් රැසියානු යුද්ධය සඳහා යොදවා ඇත්තේ ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ පදිංචිව සිටි ත්‍රිවිධ හමුදා විශ්‍රාමික රණවිරුවන් පිරිසක්.

රණජයපුර පදිංචි විශ්‍රාමික රණවිරුවන් 25කට අධික පිරිසක් රුසියාවට රැගෙන යාමට අදාළ සංවිධානාත්මක පිරිස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

රැසියානු යුද්ධය සඳහා යොමුකර ඇති එම විශ්‍රාමික රණවිරුවන් පිරිස අතරින් දෙදෙනෙකු මේ වනවිටත් මිය ගොස් ඇති බවට ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙත හිතමිතුරන් මාර්ගයෙන් දැනුම්දීම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මිය ගිය බව කියන එම රණවිරුවන්ගේ පවුල්වල පිරිස් සිය මියගිය සිය විරු ඥාතීන් වෙනුවෙන් ආගමික වතාවත් ද ඉටු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇති බවට අනාවරණය වී ඇත්තේ විශ්‍රාමික බලලත් නිලධාරින් වන ගුණතිලක එල්.එස්.පි.ඩි. (නාවික හමුදාව) හා විශ්‍රාමික එස්. සාගර නලිම් කුමාර (යුද හමුදා ඉංජිනේරු බලකාය) යන අයයි.

රුසියාවට රැගෙන ගොස් රුසියානු ඉදිරි යුද පෙරමුණේ ක්‍රියාන්විතය සඳහා යොදාවා ඇති බව කියන එම ගම්මානයේ සෙසු රණවිරුවන් අතරින් තවත් පිරිසක් ගැන ද මාස ගණනකින් තොරතුරක් නැති බවටත් ඔවුන් ද ජීවත්ව සිටිනවා ද යන්න සැක සහිත බවත් එම පවුල්වල ඥාතීන් චෝදනා කරනවා.

රණජයපුර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනකුගේ මාර්ගයෙන් මෙම විශ්‍රාමික රණවිරුවන් පිරිස මහනුවර හා කොළඹ ආදි විවිධ ප්‍රදේශවල පිහිටි තැරුව්කාර ආයතන හා පුද්ගලයින් හරහා රැසියාවට යාමට කටයුතු කර ඇති බව එම රණවිරුවන්ගේ බිරින්දෑවරු පවසනවා.

සංචාරක වීසා මත ඔවුන් රුසියාවට රැගෙන යාම සඳහා එම පුද්ගලයන් හා ආයතන එක්ව එම විශ්‍රාමික රණවිරුවන්ගෙන් රැපියල් ලක්ෂ 07,10 හා 18ක, වැනි මුදල් ලබාගත් බව එම රණවිරු පවුල්වල පිරිස් සඳහන් කරන බවයි ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් විවිධ ස්ථානවල දී එම පුද්ගලයන්ට මුදල් ලබාදීමට කටයුතු කර ඇති අතර මේ වනවිට රුසියානු යුද ක්‍රියාන්විතය ට මැදිව ජීවිතයත් මරණයත් අතර සිටින එම විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් මෙරටට දී ගෙවූ විශ්‍රාම වැටුප ගෙවීම ද මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ඔවුන්ගේ බිරින්දෑවරු පවසනවා.

කෙසේ වෙතත් මෙම රණවිරුවන්ට එරට දී ලබාදෙන බවට පොරොන්දු වූ වැටුප ද පොරොන්දු පරිදි මේ වනවිට නොගෙවන බවත්, යුද්ධයෙන් මිය යාමක දී වන්දි ගෙවන බවත්, තැරැව්කරුවන් පැවසූ නමුත් දැනට ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව ද යුද්ධ පෙරමුණේ සිටින මෙරට රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් පෙන්වා දෙනවා.

තමන් රවටා වංචනික ලෙස රැසියාවේ යුද පිටියේ ඉදිරිපෙළ ක්‍රියාන්විතයට එක්කර සිටින තම සැමියන් කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමටත් මෙම වංචනියකයන්ට හසුවීමෙන් මේ වනවිට ජීවිත අහිමිව ඇති රණවිරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන ලෙසත් රණවිරුවන්ගේ බිරින්දෑවරු ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03