ලෝකාන්තයට යන පාරක් වැසේ (ඡායාරූප)

පවතින අධික වර්ෂාපතනය හමුවේ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නාය ගොස් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කලු පාලම නම් ස්ථානයෙන් මාර්ගය ගිලා බැසීමට ද ලක්වී ඇති බවයි.

මේ හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට කැප්පෙටිපොල පොලිසිය පියවර ගෙන තිබෙනවා.

අද අලුයම මෙම ගිලා බැසීම පිළිබඳ නොදැන පැමිණි ත්‍රී රෝද රථයක් පැවති අධික මීදුම් තත්ත්වයත් සමග ප්‍රපාතයට පෙරළී ගොස් තිබුණා.

එම අවස්ථාවේ රියදුරා රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතර ඔහුට සුළු තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?