ලෝකවාසීන් 2023 නව වසර හරසරින් පිළිගනී (ඡායාරූප)

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට ඊයේ රාත්‍රියේ 2023 නව වසර උදා වුණා.

ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2023 වසර පිළිගැනීමට මෙරට බොහෝ පිරිසක් කටයුතු කළ ආකාරය දැකගත හැකි වුණා.

කිරිබති, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් පළමුව 2023 නව වසර පිළිගත් අතර, ඒ වෙනුවෙන් විශේෂ උත්සව මෙන්ම ගිනිකෙළි සංදර්ශන ද සංවිධානය කර තිබූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර අලුත් අවුරුද්ද සැමරීමට ලන්ඩන් නුවර දර්ශනීය ගිනිකෙළි නැරඹීමට විශාල පිරිසක් තේම්ස් ගං ඉවුරට රැස්ව සිටි බවත් වාර්තා වනවා.

පැවති ධාරානිපාත වර්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීම් ද නොතකා බ්‍රිතාන්‍ය අවට වීදිවල මිනිසුන් පැය ගණන් සාද පවත්වමින් නව වසර පිළිගත් ආකාරය ද දැකගත හැකිවුණා.

එමෙන්ම අසල්වැසි ඉන්දියාව ද ඉතා උත්සවශ්‍රීයෙන් 2023 නව වසර පිළිගත් අතර, එම ජනතාවද ආගමික වතාවත් වලට ප්‍රමුඛතාව ලබාදෙමින් නව වසර ආරම්භය සැමරුවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු අරාබි රටවල් ද නව වසර ඉතා උත්සවශ්‍රීයෙන් පිළිගත් අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බර්ජ් කලීෆා හී දීප්තිමත් ආලෝක සංදර්ශනයක් සහ ගිනිකෙළි සංදර්ශනයක් ද සංවිධානය කර තිබුණා.

එමෙන්ම කෙන්යාව, උගන්ඩාව, ඊජිප්තුව ඇතුළු නැගෙනහිර අප්‍රිකානු රටවල් ද 2023 නව අවුරුදු උදාව ඉහළින් සමරා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර රුසියානු යුක්‍රේන යුද්ධය මාධ්‍යයේ වුව ද දෙරටම 2023 නව වසර පිළිගැනීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24