Anahita Hasheminejad කියන නම නම් කිසි කෙනෙකුට මතක නැතුව ඇති නමුත් ඒ රූපය දැක්කම ඒ කවුද කියලා බොහෝ දෙනෙකුට මතක් වෙනවා. ලස්සන හිනාව නිසාම මුළු ලෝකයෙන්ම ඈ ප්‍රසිද්ධ වෙනවා. ඇය ඉපදෙන්නේ 2016 ජනවාර 10 දා. ඇයගේ රට වෙන්නේ ඉරානය.
ඇයගේ මව සමාජ මාධ්‍යයට ඇයගේ ඡායාරූප මුදා හරින්නේ ඇය පුංචි කාලේ ඉදලාමයි. ඒ නිසා ඇයට වයස අවුරුදු 3ක් වෙද්දී නිරූපිකාවක් හැටියට කටයුතු කරන්න අවස්ථාව හිමි වෙනවා. එදා සිට අද වෙනකල් ඈ විවිධ වෙළෙද දැන්වීම් සහ ඡායාරූප සඳහා සම්බන්ධ වෙලා මුදල් උපයනවා. පසුගිය වසරේ පමණක් ඇමරිකානු ඩොලර් 500,000 ක ආදායමක් උපයා ගන්න ඈ සමත් වෙනවා. ඒ වගේම ඇයගේ නමින් instergarm ගිනුමක් ඇගේ මව විසින් පවත්වාගෙන යනවා, මිලයන ගනනක අනුගාමිකයන් ඇයට ඉන්නවා













